ස්ථූප ආරම්භය පිළිබදව මතවාද රාශියක් පවතී.ස්ථුප පිළිබදව බුදුන් දවස සිට පැවත ආ ස්ථුප පිළිබද බැලීම වැදගත් වනු ඇත.තපස්සු භල්ලුක යන වෙළද දෙබෑයන් බුදුන් වහන්සේගෙන් ලබා ගත් කේෂ ධාතු අසිතංජන පුරයට ගෙනගොස් එහි ස්ථුපයක් තැනවු බව මතයක් පවතී.ලාංකීය බෞද්ධ සමාජයේ මෙය වෙනත් ලෙසකින් පවතී.එනම් ඔවුන් එම කේෂ ධාතු ලංකාවට ගෙනැවිත් ඒවා තැන්පත් කොට ත්‍රීකුණාමලයෙහි තිරියායි නම් ප‍්‍රදේශයේ ස්ථුපයක් තැනවු බවයි.එය හිරිගඩුසෑය යනුවෙන් හැදින්වූ බව කියැවේ.
බුදුන් වහන්සේ ජීව මානව සිටි කාලයේ තවත් චෛත්‍යයක් වන්නේ මහියංගණය චෛත්‍යයයි.බුදුන් ලංකාවට වැඩි අවස්ථාවේ සුමණ සමන් දෙවියන් විසින් ලබාගත් කේෂ ධාතු තැම්පත් කළ බව කියයි.
බුදුදහමට අනුව බුදුන් වහන්සේට ගෞරවහා පුද පුජා පැවැත්වීම සදහා සංකේත තුනක් යොදා ගත හැක.එනම් ස්ථූපය, බුදු පිළිමය හා බෝධිය යන ත්‍රිවිධ
චෛත්‍යයන්ය.මේවා උද්දේසික, පාරිභෝගික, ශාරීරික වශයෙන් හදුන්වයි.බුදුන් වහන්සේ මෙන්ම රහතන් වහන්සේලාගේ ධාතුන් තැන්පත් කොට ඉදිකරන ස්මාරකය හදුන්වන්නේ ශාරීරික චෛත්‍ය යනුවෙනි.චෛත්‍ය යන්නට දාගැබ, වෙහෙර, ථූපය, ස්ථූපය,ෙච්තිය යන පර්යාය වචන ද භාවිතා කරයි.
චෛත්‍යයන්ය.මේවා උද්දේසික, පාරිභෝගික, ශාරීරික වශයෙන් හදුන්වයි.බුදුන් වහන්සේ මෙන්ම රහතන් වහන්සේලාගේ ධාතුන් තැන්පත් කොට ඉදිකරන ස්මාරකය හදුන්වන්නේ ශාරීරික චෛත්‍ය යනුවෙනි.චෛත්‍ය යන්නට දාගැබ, වෙහෙර, ථූපය, ස්ථූපය,ෙච්තිය යන පර්යාය වචන ද භාවිතා කරයි.
ස්ථූප කලාවේ සංවර්ධනයත් සමග පසුකාලීනව විවිධ හැඩ තලයන් ඔස්සේ ස්ථූප නිර්මාණය විය.ඒ අනුව නිර්මාණ ශිල්පීන් ආකෘති හයක් මේ යොදා ගෙන ඇත.
1) ඝණ්ඨාකාර -
ඝණ්ඨාකාර චෛත්‍යය ඝණ්ඨාවක ස්වරූපය ගනී.මෙම චෛත්‍යය වර්ගය ප්‍රමාණයෙන් කුඩාවන අතර බුදුදහම ලැබීමෙන් පසු ලංකාවේ ඉදිකළ ප්‍රථම දාගැබ ඝණ්ඨාකාර හැඩයෙන් යුක්ත වේ.එය ථූපාරාම දාගැබය
ථූපාරමය
2) ඝටාකාර - ඝඨාකාර චෛත්‍යය යනු කළයක හැඩයට නිර්මාණය කර ඇති චෛත්‍යය වේ.පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි සෝමාවතී චෛත්‍යයයත් මඟුල් මහාවිහාර ස්ථූපයත් ඝඨාකාර හැඩයෙන් යුක්තය.
3) පද්මාකර -
පද්මාකාර චෛත්‍යය නෙළුමක ස්වරූපය ගනී.පොළොන්නරුවේ දෙමළ මහාසෑයත් බුත්තල යුදගනා වෙහෙරත් පද්මාකාර හැඩයෙන් යුක්ත වන්නේය.
රන් ෙකාත් වෙහෙර
4) ධාන්‍යාකර -
ධාන්‍යාකාර චෛත්‍යය ධාන්‍ය ගොඩක හැඩයගනී.ශ්‍රී ලංකාවේ ධාන්‍යාකාර චෛත්‍යයකට කදිම උදාහරණය නම් කැළණි චෛත්‍යයයි.
කැළණි වෙහෙර
දියබුබුලක හැඩයගත් චෛත්‍යය මේ නමින් හැදින්වේ.ලෝකයා මවිතයට පත්කරන රුවන්වැලි මහාසෑය බුබ්බුලාකාර හැඩයගනී.එමෙන්ම තිස්සමහාරාම ස්ථූපය,පොළොන්නරුවේ කිරිවෙහෙර හා රන්කොත් වෙහෙර බුබ්බුලාකාර හැඩයෙන් යුක්තය.
රුවන් වැලිසෑය
6) අාමලාකාර -
නෙල්ලි ගෙඩියක ස්වරූපය ගත් චෛත්‍යය ආමලාකාර චෛත්‍යය වන්නේය. මෙවැනි ස්ථූප වර්තමානයේ දක්නට නැත.මෙම ස්ථූප වර්ග හැරෙන්නට බෞද්ධ රටවල අටපට්ටම් ස්ථූප,ලූණු ගෙඩියක හැඩය ගත් ස්ථූප, සතරැස් ස්ථූප, සිලින්ඩරාකාර හැඩයගත් ස්ථූපද දක්නට ඇත
නව ස්ථූපයක ආකෘතිය
පැරණි ස්ථූපයෝ තිබූ පූජනීය හා කලාත්මක වටිනාකමට අමතරව දාර්ශනික වටිනාකමක් ද ලබාදීමට එච්.පී.සී.බෙල් හා හෙන්රි පාකර් වැනි මහතුන් ක්‍රියා කළහ.එය ද ස්ථූප කලාවෙහි දියුණුවක් ලෙස සැලකිය හැකිය.ධාතුන් තැන්පත් ෙකාට ඉදිකරන ලද ස්ථූපය බොහෝ කලක් හිරු එළියට,වැස්සට නිරාවරනය වී තිබුණේය.මේ නිසා මෙම නිර්මාණ අපවිත්‍ර වී ජරාවැටුණු තත්වයට පත්විය.මේ පිළිබද සැලකිලිමත් කලාකරුවන් එහි ආරක්ෂාවට ගෘහයක් පැනවීමේ අදහස ඉදිරිපත් කරන ලදි.
ස්ථූපයක් සදහා ඉදි කරන ලද ගෙය ථූපගරය ලෙස හැදින්වේ.වටදාගය,චෛත්‍යගෙය,
වට්ටදාතුගර ආදි නම් වේ.එහි මුලික අරමුණ වුයේ අව්,වැසි,සුළගින් ස්ථුපය ආරක්ෂා කිරීමයි.මීට අමතරව චෛත්‍ය වන්දනාව සදහා එන සැදැහැවතුන්ගේ පහසුව සදහාද කරුණකි.අනුරාධපුරය ථූපාරමය ප්‍රථම වටදාගය වේ.දැනට අැති නටබුන් අතර මැදිගිරිය වටදාගය අලංකාර කැටයම් හෙබි වටදාගය ලෙස සැලකේ.වටදාගය ඇතුලත ස්ථූපය වටා සතර වට පිළිම හතරක් තැම්පත් කර අැත.
අතීතයේ පැවති ස්ථූප ක්‍රමය.
මුල් කාලයේ චෛත්‍යයක තිබුණු අංග ක්‍රමයෙන් විකාශනය වී ඇතිබව පෙනේ.භාරතයේ සාංචි ස්ථූපය ගොඩනංවන ලද්දේ ගල්වැටකින් වටවුණු භූමි භාගයකය.චෛත්‍යයට ඇතුළුවීමට දොරටු සතරක් සතර දිශාවෙන් විය.එම දොරටුවල අලංකාර කැටයම් දක්නට ලැබේත ස්ථූපය ඉදිකරන ලද්දේ එම මළුවෙහි මැද පිහිටි වේදිකාවකය.මෙම වේදිකාවට නැඟීමට පියගැටපෙළක් විය.මෙම වේදිකාව මත ඉදිකරන ලද අර්ධ ගෝලාකාර දාගැබ ස්ථූපය විය.එම ගර්භය මුදුනෙහි තවත් මේදියක්ද ඒ මත හතරැස් කොටුවක්ද ඉදිවිය.ඒ හතරැස් කොටුව මත හරිමැද යෂ්ටියක් විය.එම යෂ්ටිය මත ඡත්‍රයක් විය.චෛත්‍යයට වැදගත්කම ගෙනදුන් ධාතු නිධානය කරන ලද්දේ අර්ධ ගෝලාකාර හැඩැති ධාතු ගර්භයෙහිය.පසුකාලයේදී මෙම චෛත්‍යයේ අංග වැඩිවිය.ඒ අනුව වැලිමළුවක් ,සලපතල මළුවක් හා පේසා වළලු එකතුවිය. ධාතුගර්භය ඉදිකළේ මෙම පේසා වළලු මතය.අද එය ස්ථූපයේ අලංකාරය සඳහා නිර්මාණය වූවක් බවට පත්ව තිබේ.එමෙන්ම ධාතුගර්භය මත ස්ථූප ආරම්භයේදී පැවති කුඩා මේදිය සතරැස් කොටුවක් බවට පත්විය.ඒ මත කලින් තිබූ ඡත්‍රය හා සම්බන්ධ යෂ්ටිය දේවතා කොටුව වශයෙන් හැඳින්වීය.දේවතා කොටුවේ පහළ සිට ඉහලට සිහින් හැඩයටකළ නිර්මාණය කොත්කැරැල්ල විය.කොත්කැරැල්ල මුදුනේ ස්ථූපය අලංකාර කරමින් කොතක් පැළඳූ අතර කොත මුදුනෙහි පළිඟුවක් විය.
කාලයාගේ ඇවෑමත් සමඟම ස්ථූපයට තවත් අංග ඒකරාශි විය. දොරටු සතරෙහි තොරණ සතර හා සම්බන්ධ ම්‍ළුවට නැග එන ගල්පඩිපෙලද ඒ ආශ්‍රිතව කොරවක්ගල්,මුරගල් හා සඳකඩපහණක්ද එකතුවිය. මීට අමතරව චෛත්‍යය හා සම්බන්ධ කර ස්ථූපයේ හතර පැත්තෙහි සමාන්තර වාහල්කඩ සතරක්ද පසුකාලයේදී ඉදිවිය. එම වාහල්කඩ ඉදිකළේ චෛත්‍යයේ ශක්තිය වර්ධනය කිරීමටත් අලංකාරය ඇතිකිරීමට හා වන්දනාකරුවන්ට මල්පහන් ආදී තම පූජා භාණ්ඩද තැන්පත් කිරීමටය.ඒ සඳහා වාහල්කඩ ආශ්‍රිතව ශෛලමය මල් ආසනයක්ද විය.