ශ්‍රී ලංකාවේ උතුරු මැද පලාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකි. එය දොළොස් වන සියවසේ මහා පරාක්රළමබාහු රජතුමා විසින් නිර්මාණය කරන ලදි.එහි විශේෂත් වය වන්නේ විශාල බුද්ධ ප්‍රතිමා හතරක් පැවතීමයි.එමෙන්ම එම ප්‍රතිමා තනි ගලින් පමණක් නෙලන ලද ඒවා විමයි.මෙම ස්ථානය පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථානයක් වෙයි.ගල් විහාරය මහා වංශයේ හදුන්වන්නේ උත්තරාරාමය ලෙසිනි.
බුද්ධ ප්‍රතිමා
දෙවනුව දක්නට ලැබෙන්නේ විද්‍යධාර ලෙනෙහි නෙලා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේයි.එය තුළ දේව රූප, මුණිවර රූප, චාමර සලන්නන්ගේ රූප දක්නට ලැබේ.අතීතයේ මෙම ගුහාව වර්ණාලේපිත ස්ථානයක් ලෙසද සොයා ගෙන ඇත.එම අවස්ථාව වන්නේ දේවාරාධනාවක් උදෙසා බුදුන් දහම් දෙසීමක් සිදු කරන අවස්ථාවකි.එම ප්‍රතිමාව අසලම විශාල සෙල්ලිපියක් දක්නට ලැබේ.එහි පොළොන්නරුවේ කතිකාවත සදහන් වේ.
මීළගට දක්නට ලැබෙන්නේ විශාල හිටි පිළිමයයි.එම පිළිමයේ ස්ථාන තුනකින් නැමීමක් දක්නට ලැබේ.එනම් දනහිස, ඉණ හා බෙල්ල වේ.පුරා විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ එය ආනන්ද හිමියන්ගේ බවත්ය.
මීළගට දක්නට ලැබෙන්නේ සැතපෙන පිළිමයයි.එය පිරිනිවන් පාන අවස්ථාවක් බව සිරි පතුල නිරීක්ෂණය තුලින් පැහැදිලිවේ.එනම් එක් පාදයක් අනෙක් පාදයට වඩා පසුපසින් පිහිටීමයි.එමෙන්ම එම පාද පතුලේ විශාල නෙලුම් මල් දෙකක්ද දක්නට ලැබේ.