ශ්‍රී ලංකාවේ දෙවන අගනගරය පොලොන්නරුවයි. අනුරාධපුර රජවරුන් පොලොන්නරුව උප නගරයක් ලෙස සංවර්ධනය කිරීමට හේතු වුයේ ප්රෙදේශයේ වී වගාවට යෝග්යග සරුසාර පසක් හා ජල පහසුකම් පැවතීම හේතුවෙනි. මේ අරමුණින් වසභ ක්‍රි.ව 67-111 ඇළහැර ඇළද, මහසෙන් ක්‍රි.ව 274-301 මින්නේරිය හා කවුඩුල්ල වැව්ද, 1 වන උපතිස්ස ක්රික.ව 365-406 තෝපාවැවද, 2 වන අග්බෝධි ගිරිතලේ ආදී වැව් හා ඇළ මාර්ග ද ඉදි කළහ. පොලොන්නරුව ආරක්ෂාව අතින් අතිශය වැදගත් ස්ථානයක පිහිටියේය.
10-11 වැනි සියවස් වල දකුණු ඉන්දියාවේ සොලී පාණ්ඩ්යා බල අරගල ඇතිවිය.ඉන් ජයග්ර0හණය කළ සොලීහු ක්රිු.ව 993 දී අනුරාධපුර යටත් කර ගත්තේය.ඔවුන් අගනගර ලෙස තෝරා ගත්තේ පොලොන්නරුවයි.පුරා අවුරුදු 70කට වැඩි කාලයක් රජරට සොළී පාලනය පැවති අතර ඔවුන්ගේ ක්රියයා කලාපය නිසා පැවති කෘෂිකාර්මික ආර්ථික රටාව සම්පුර්ණයෙන්ම බිද වැටිණ.
සොලී පාලනයෙන් රජරට මුදාගත්තේ මහා විජයබාහු (ක්රි .ව 1055-1110) රජතුමාය.මුළු රටම එක් සේසත් කරවා සොළීන් විනාශ කළ වැව් අමුණු සහ වෙහෙර විහාර අලුත් වැඩියා කොට ශාසනික මෙන්ම ආර්ථික සංවර්ධනය ඇරබිය.මහා පරාක්රිමබාහු (ක්රි .ව 1153-1186) මහා විජයබාහු රජතුමා ගෙන ගිය සාර්ථක පාලනය තවදුරටත් ඉදිරියට ගෙන යමින් රට සංවර්ධනයේ මුදුන් පෙත්තට පමුණුවාලීය.නිශ්ශංකමල්ල රජතුමා (ක්රි1.ව 1187-1196) පැවති තත්වය තවදුරටත් පවත්වාගෙන ගිය අතර ඉන් පසුව බලයට පැමිණි දුර්වල රජවරුන්ගේ අසාර්ථක පාලනය හේතුවෙන් ආර්ථිකය මෙන්ම පරිපාලනයද බිදවැටිණ.එම අවස්ථාවෙන් ප්රවයෝජනය ගත් කාලංගමාඝ (ක්රික.ව 1214) රජරට යටත් කොට ගෙන වනසා දැමීම හේතුවෙන් රාජධානිය නිරිත දිගට සංක්රමමණය වීමත් සමග ප්රමදේශය වනයෙන් වැසී ගියේය.වනරොදින් මෙන්ම පසින් වැසී ගිය පුරාවස්තු නැවත මතුකොට එළිපෙහෙලි කරවා සංරක්ෂණය කිරීම ආරම්භ කළේ බ්රි තාන්යට පාලන සමයේ ආරම්භ කළ පුරාවිද්යිස දෙපාර්තමේන්තුව මගිනි.එම සංවර්ධන කටයුතු තවදුරටත් පවත්වාගෙන යනු ලබන්නේ මධ්යම සංස්කෘතික අරමුදල මගිනි.දැනට පොලොන්නරුව ලෝක උරුම නගරයක් කර ඇත.
පොත්ගුල් විහාරය
පොත්ගුල් විහාරය පරාක්රජමබාහු රජු විසින් කරවන ලදුව චන්දුවතී මෙහෙසිය විසින් ප්රැතිසංස්කරණය කරවන්නට ඇතැයි සැලකේ.විහාරය මාලක හතරකින් යුක්තය.මෙහි ඇති විශේෂ ලක්ෂණය වන්නේ චතුරස්රැකාර ඉහළ මළුවේ ඉදිකොට ඇති වෘත්තාකාර සැලැස්මකින් යුතු ගොඩනැගිල්ලයි.එය සම්පූර්ණයෙන් ගඩොලින් නිමවා ඇත.එම ස්තූපය වටා පරිවාර ස්තූප හතරකි.ඇතුලත බිතුසිතුවම් පැවති බවට සාධක හමුවේ.ප්රවධාන ඇතුල්වීමේ දොරටුව නැගෙනහිර දිශාවෙනි.ඉදිරිපස වු ගල් උළුවස්ස අගනා නිර්මාණයකි.වටා පිහිටි ගොඩනැගිලි භික්ෂු කුටි යයි අනුමාන කල හැකිය.කාම්බෝජ වාස්තු විද්යාු ලක්ෂණ පෙන්නුම් කරන මෙබදු සැලැස්මකින් යුතු මෙයට සමාන වෙනත් ගොඩනැගිල්ලක් දිවයිනේ අන් කිසිම ප්ර දේශයකින් හමුවී නොමැත.
පරාක්‍රමබාහු ප්‍රතිමාව (ශෛල ප්‍රතිමාව)
පොත්ගුල් විහාරය සමීපයේ පිහිටි කුඩා පර්වතයේ නෙලා ඇති ශෛල ප්රිතිමාව උස අඩි 11 අගල් 6 කි.ප්‍රතිමාවෙන් මතුවන තේජෝබල පරාක්‍රමය අනුව පොදු පිළිගැනීම වනුයේ මහා පරාක්‍රමබාහු පිළිරුවක් බවයි.එම මතය පරණවිතාන මහතාද පිළිගෙන තිබේ.ඇතමෙකු එය පුලතිසි පිළිරුවක් ලෙස හදුන්වන අතර තවත් පිරිසක් කපිල හෝ අගස්ති පිළිරුවක් වියහැකි බව පවසති.ආභරණ පළදා නැත.පිළිමයේ දෑතින් දරා සිටින වස්තුව පිළිබදව මතවාද පවතී.ඇතැමෙකු එය පුස්කොළ පොතක් ලෙස හදුන්වන අතර තවත් පිරිසක් එය වියගසක් බව පවසයි.පරණවිතාන මහතා එය වියගසක් බව පැවසුවේ වියගසින් නීතිය හා සාමය රුකීම සදහා රජු සතු වගකීම සංකේතවත් වන බව පැවති ඉන්දියානු සංකල්පය අනුවයි.පිළිමට තුළින් නිරූපිත පුද්ගලයා හදුනා ගත නොහැකි වුවත් මෙය ශ්‍රී ලංකා මුර්තීන්හි ශ්‍රේෂ්ඨතම නිමැවුමක් බව නම් පැවසිය හැකිය.
පරාක්‍රම සමුද්‍රය
සිංහලයා සතු විශිෂ්ඨ වාරි ඥානය විදහා දක්වන පරාක්‍රම සමුද්‍රය පරාක්‍රමබාහු රජුගේ අසහාය වාරි නිර්මාණයකි.එය එක් වැවක් නොව වැව් සංකීර්ණයකි.එම සංකීර්ණයට තෝපා වැව,එරමුදු වැව,දුබුතුලු වැව,කලහගල වැව හා භූ වැව අයත්වේ.ප්‍රධාන ජල සැපයුම් මාර්ග අඔන්ගග හරස්කොට තැනු අංගමැඩිල්ල යෝධ ඇළය.1947 දී ප්‍රතිසංස්කරණය කොට ඇත්තේ සමුද්‍රයේ එක් කොටසක් පමණි.එම කොටස තෝපා වැව.එරමුදවැව හා දුබුතුලු වැව අයත්වේ.කළහගල හා භූ වැව් සංවර්ධනය නොවු අතර වනයෙන් වැසී ගියේය.පරාක්‍රම සමුද්‍රයේ අවසන් වරට මිනිස් දෑතින් කල නිර්මාණයකි.මෙහි වර්තමාන වැව් බැම්මේ දිග සැතපුම් 8 1/2කි.උස අඩි 40කි.ගැබුර අඩි 25 ක් පමණය.ධාරිතාව අක්කර අඩි 5350වෙයි.වගා කරනු ලබන බිම් ප්‍රමාණය අක්කර 18000 වෙයි.
දීප උයන
පරාක්‍රම සමුද්‍රයට යාව පිහිටි පුරාවස්තු සහිත බිම්කඩ දීප උයන වශයෙන් හැදින්වේ. එය පරාක්‍රමබාහු රජුගේ විනෝද උද්‍යානය විය. නිශ්ශංකමල්ල රජතුමා ඒ තුළ ගොඩනැගිලි කීපයක් ඉදිකර ඇත. ඒ අතර නිශ්ශංකමල්ල මාලිගය,රාජ සභාව,ස්නානය කළ පොකුණ ඉන් කිහිපයකි. ඒ අතරින් ප්රයධාන වනුයේ නිශ්ශංකමල්ල රාජ සභාවයි. දද්විත්ව බිසෝකොටු සොරොව්ව නැරබිය හැක්කේද මෙහිදීය.
නිශ්ශංක මල්ල රාජ සභාව
නිශ්ශංක මල්ල රාජ සභාව දිගින් අඩි 133 ක් හා පළලින් අඩි 63 ක් වේ.තුන් තලයකින් සමන්වි තයි.පිටත බිත්ති සිංහ හා ඇත් රූප කැටයමින් අලංකාර කොට තිබූ බව පෙනේ. වේදිකාව මත එක් පෙළකට ගල්කණු 12 බැගින් වු පේළි හතරකි.වහලය දැවයෙන් කළ බවක් පෙනෙන්නට ඇත. නිශ්ශංක මල්ල රාජ සභාව සුවිශේෂී වටිනාකමකින් යුක්ත වනුයේ ඒ තුළ නිළධාරීන් අසුන් ගන්නා අනු පිළිවෙළ සටහන් කොට ඇති බැවිනි. ආසන පනවා ඇත්තේ උස් කුලුණු පාමුලය. අභිමානවත් සිංහරුව රජුගේ වීර සිංහාසනය බව සටහන් කොට ඇත.හතරැස් ගල් ආසනය යුව රජු වැඩ සිටි ආසනයයි.
පැරකුම්බා රාජ මාලිගය
පැරකුම්බා රාජ මාලිගය දිගින් හා පළලින් අඩි 150 ක සම හතරැස් බිමක් මත ගොඩ නංවා ඇත.මාලිගය තට්ටු හතරකින් යුක්ත වූ හෙයින් සත්බුමුපාය ලෙසින්ද,ශක්‍ර බවන මෙන් සියලු යස ඉසුරු වලික් ආඪ්‍යව පැවති හෙයින් වෛජයන්ත ප්‍රසාදය ලෙසින්ද හදුන්වනු ලබයි.දැනුදු මහල් තුනක අවශේෂ දැකිය හැකිය.උඩු මහලට නැගීමට ගලින් කළ සෝපානයක් අවශේෂ කොටස් දැකිය හැකිය.මහල් සදහා යෙදු කුලුණු හා බාල්ක සවිකොට තිබු අවකාශ දිස්වේ.මාලිගය කාමර දහසකින් සමන්විත බව සදහන් වෙයි. කලිංගමාඝ මාලිගයට ගිනිතබා විනාශ කොට ඇති බව සනාථ වනුයේ උණුවී ගිය ගඩොල් කුට්ටි දක්නට ලැබෙන හෙයිනි.පැරණි රාජ මාලිග අතර මෙතරම් අවශේෂ ඉතිරි වු එකම රාජ මාලිගය මෙය බව සදහන් කළ හැකිය.
පැරකුම්බා රාජ සභාව
පැරකුම්බා රජුගේ තේජාන්විත රාජ සභාව රාජ වෛශ්යරභූජංග මණ්ඩපය නමින් හදුන්වනු ලබයි.මාලක තුනකින් යුක්තය. දිගින් අඩි 75ක් හා පළලින් අඩි 33ක් වෙයි.පහත මාලය නොයෙක් ඉරියව් වලින් සිටින ජංගමශීලී ඇත් රූප පෙළකි.දෙවන මාලය හිදි ඉරියව්වෙන් යුතු ප්රනතාපවත් සිංහ රූප පෙළකින් හා තුන්වන මාලය වාමන රූප වලින් සරසා ඇත.මහලෙහි එක් පෙළක කුලුණු දොළහකින් යුත් මල් ලියකමින් සැරසු ගල් කණු පේළි හතරකි.ඒ මත දැවයෙන් කළ පියස්සක් පැවතියේය.පියගැට පෙළ පාමුල සදකඩ පහන දෙකක් හා දෙපස කොරවක් ගලින් අලංකාර කොට ඇත.කෙළවර හිදිනා සිංහ රූප දෙකකි.
කුමාර පොකුණ (ශිලා පොක්ඛරණි)
ශිව දේවාලය අංක 1
සොලී පාලනය යටතේ පොලොන්නරුව ශිෂ්ටාචාරයේ ස්වරූපය කෙබදුදැයි දක්වන අංක 1 ශිව දේවාලය පාණ්ඩ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය අනුව සොලීන් විසින් ඉදිකරවන ලද්දකි.ඒ සදහා යොදා ගත් කළු ගල් කුට්ටි කපා මනාව ඔපමට්ටම් කර ඇති හෙයින් බදාම යෙදීමට අවශ්යව නොවීය.පිටත බිත්ති බොරදම් කැටයමින් අලංකාර කොට තිබේ.කෝවිල් සම්ප්රයදාය අනුව මණ්ඩපය,අන්තරාලය, ගර්භ ගෘහය යන අංග වලින් සමන්විතයි.පුජනීය වස්තු වු ශිව ලිංගය හා යෝනි ගල ගර්භ ගෘහයේ තැන්පත් කොට ඇත.වහලය ගඩොලින් නිමවා ඇත.සෞභාග්යවය උදෙසා ලිංග වන්දනය බොහෝ කලක සිට පැවතියේය.
දළදා මළුව (වටදාගෙය)
දළදා මළුව තුළ පුජනීය ගොඩනැගිලි රාශියක් වෙයි. ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලබන්නේ වටදාගෙයි.වටදාගෙය යනු වෘත්තාකාර ධාතු මන්දිරයකි.වටදාගෙය පොලොන්නරුව නගරයේ පිහිටා ඇති අලංකාර වූත් රමණීය වූත් ගොඩනැගිලි වලින් එකකි.වටදාගෙය මාලක දෙකකින් යුක්තය.ඉහළ මාලයට පිවිසීම සදහා ඇති අලංකාර දොරටුව පාමුල සදකඩ පහන,මුරගල් හා කොරවක් ගලින් අලංකාර කොට ඇත.මධ්යයයේ ස්තූපය පිහිටියේය.ස්තූපයට පිටුපා දොරටු අභිමුඛව සමාධි බුදු රූ හතරකි.මධ්යයේ පිහිටි බිත්තිය බිනර මල් කැටයමින් අලංකාර කොට තිබේ.වහලය දැරීමට ඉදිකළ ගල් කණුපේළි තුනකි.පොලොන්නරුවේ හමුවන කලාත්මක මුරගල් දැකිය හැක්කේ වටදාගෙය නැගෙනහිර දොරටුවේය.සෙල්ලිපි අනුව වටදාගෙය කරවන ලද්දේ නිශ්ශංකමල්ල රජු විසිනි.
ථූපාරාමය
ථූපාරාම පිළිමගෙය දිග අඩි 84 අගල් 6 කි.පළල අඩි 52 අගල් 2 කි.බිත්ති වල ඝනකම අඩි 7 පමණ වෙයි.ගර්භ ගෘහයේ ගඩොලින් කළ ආසනයේ සමාධි බුදු රුවක් පිහිටුවා තිබු බව පෙනේ.වා කවුළු දෙකකි.නැගෙනහිරින් පිහිටි කවුළුවෙන් ගලා ආලෝකය මැණික් එබ්බවු පිළිමයේ නේත්‍ර වල ගැටී බුදුගෙය ආලෝකමත් වු බව පැවසේ.දොරටුව අශ්ව ලාඩමක හැඩය ගනී.උඩු මහළට නැගීමට කළ පුටු පඩි පෙළකි.උඩු මහලේ ප්රදක්ෂිණ පථයක් වෙයි.පිටත බිත්ති විමාන ආදියෙන් අලංකාර කොට ඇත.මෙය මේ දක්වා බොහෝ දුරට විනාශ නොවී පවත්නා එකම පිළමගෙයයි.
නිශ්ශංක ලතා මණ්ඩපය
නිශ්ශංක මල්ල රජුගේ අපුර්ව කලා නිර්මාණයකි.නිශ්ශංක මල්ල රාඩ මණ්ඩපය කරවුයේ දළදා වන්දනය හා පිරිත් ඇසීම සදහා බව සදහන් කොට ඇත.එය දිගින් අඩි 34 අගල් 8 හා අඩි 28 අගල් 8 ක් පළලින් යුක්තය.මණ්ඩපය වටා දිවෙනගල් ගරාදී වැටකි.නැගෙනහිර දෙසින් පියස්සක් සහිත දොරටුවකි.වේදිකාව මධ්‍තයයේ කුඩා ස්තූපයකි.වේදිකාව මත තුන් තැනකින් රිද්මායානුකූලව නැමුණු අසාමාන්යප හැඩයෙන් යුක්ත ගල් ටැම් අටකි.කුළුණු හිස විකසිත නෙළුමක සිරි ගනී.පියස්ස දැවයෙන් කළා විය හැක.
අටදාගෙය
විජයබාහු රජතුමා කරවු දෙමහල් දළදා මැදුරයි.දිගින් අඩි 75 ක් හා පළලින් අඩි 45ක් වෙයි.ඉහළ මළුව දළදා වහන්සේ හා පාත්රහ ධාතුව සදහා වෙන් විය.පහත මාලය බුදු මැදුරකි.ඒ තුළ හිටි බුදු පිළිම දෙකක් ඇත.ගොඩනැගිල්ල තුළ උස අඩි 8 බැගින් උස් වු කුළුණු 54 ක් වෙයි.ඉදිරිපස කුළුණු ලිය වැල් හා කල්පලතා කැටයමින් අලංකාර කොට ඇත.එම සදකඩ පහන අනුරාධපුර යුගයට අයත් සේ සැලකේ.අටදාගෙයට වම් පසින් ද්රරවිඩ අක්ෂර වලින් ලියවුණු වේලක්කාර සෙල්ලිපිය හමුවේ.දළදා වහන්සේගේ රැකවරණය හා ආරක්ෂාව වේලක්කාර භටයින් වෙත පැවරුණ බව එහි සදහන්වේ.
හැටදාගෙය
හැටදාගෙය නිශ්ශංක මල්ල රජතුමා ඉදිකල දෙමහල් දළදා මැදුරයි.ගොඩනැගිල්ල දිගින් අඩි 120 හා පළලින් අඩි 90ක් වෙයි.උඩු මහළ තුළ දළදා වහන්සේ හා පාත්රගධාතුව තැම්පත් කොට තිබු අතර පහත මාලය බුදු කුටියකි.එහි අභය මුද්රඉවෙන් වැඩ සිටිනා පිළිම තුනක් විය.බිත්ති ගලින් නිමවා තිබුණි.වහළය දැවයෙන් කළා විය හැකිය.ගොඩනැගිල්ල වටා ප්රා කාරයකි.ඉදිරිපස පුන් කලස් දැකිය හැකි එකම ගොඩනැගිල්ලයි.
ගල්පොත ශිලා ලිපිය
දිවයිනේ හමුවන විශාලම සෙල්ලිපියයි. නිශ්ශංක මල්ල රජතුමා පිහිටුවකි. දිගින් අඩි 26 අගල් 10 ක් වෙයි.පළලින් අඩි 4 අගල් 6 කි.මෙය පොතක් වශයෙන් හදුන්වනුයේ කොටස් තුනකට බෙදා ඇති හෙයිනි. ඒ තුළ අක්ෂර 4300 ක් පමණ වෙයි. ගල් පොත ටොන් 25 පමණ බරින් යුක්තය. පාෂාණය සෑගිරියෙන් (මිහින්තලය) ගෙන ආ බව සදහන් කොට ඇත. සෞභාග්ය්යේ සංකේතය වු ගජ ලක්ෂ්මි රූපය ඉදිරිපස දැකිය හැක. පුවරුව කෙළවර වමේ සිට දකුණට ගමන් කරන දෙසීයක් පමණ වු හංස පේළි දෙකකි. ශිලා ලිපියෙහි අඩංගු වනුයේ නිශ්ශංක මල්ල රජුගේ තොරතුරු හා ඔහුගේ කාර්යයන් පිළිබදවයි.
සත්මහල් පාය
උසින් අඩි 30ක් පමණ වු සත්මහල් පාය අසාමාන්යන හැඩයකින් යුක්ත වූවකි. එක් පැත්තක දිග අඩි 32 අගල් 2 කි. ඉහලට යන විට කුඩා වන සේ තට්ටු හතකි. වම්පස කෙළවර ඉහළට නැගීමට කළ පිටගැට පෙළක් දැකිය හැක. ආරුක්කු සහිත දොරටු හතරකි.ඉහළ කොටසේ විවිරයක් තුළ ද්වාරපාල විලාසය ගත් මුර්ති වෙයි. මෙවැනි හැඩයකින් යුතු දාගැබ් දැකිය හැක්කේ සියම, කාම්බෝඩ ආදී අග්නි දිග ආසියාතික රට වලය.
පබළු වෙහෙර
මෙම දාගැබ කැණීම් වලදී පබළු රාශියක් හමු වු හෙයින් පබළු වෙහෙර නමින් හදුන්වයි. පැරකුම්බා රජු රූපාවතී බිසව සිහිගැන්වීම සදහා කරවන ලද්දක් බව සැලකේ. සුවිශේෂ හැඩයකින් යුතු දාගැබකි.ස්තූපය තට්ටු දෙකක් සේ පෙනේ. පේසාවට නැග්මට පියගැට පෙළකි. ඒ සමග කොරවක් ගල්, මුර ගල්, සදකඩ පහන ආදිය දැකිය හැකිය. ඒ තුළ හිටි, හිදි හා සැතපෙන පිළිම තැන්පත් කොට ඇත. ඒ අතර මලසුන් ගෙවල්ද වේ. ස්තූපය මුදුනේ ගලක් සවිකොට තිබු බවට සාධක හමුවේ.
ශිව දේවාලය 2
සොළී පාලන සමයේ මුල් යුගයේ ඉදිකළ දේවාලයකි. පොලොන්නරුව පාලනය කළ රාජ රාජ රජුගේ බිසව වුද, රාජේන්දු රජුගේ මෑණියන් වූද, මාදේවිඉසාරමුදියියර් දේවිය නමින් නම් කොට ඇත. ශිව ලිංගය හා යෝනි ගල ගර්භ ගෘහයෙහි තැම්පත් කොට ඇත. කළුගලින් නිම කොට ඇති දේවාලයේ උස අඩි 31 අගල් 9 ක් වෙයි. බිත්ති බොරදම් කැටයමින් අලංකාර කොට ඇත. ගර්භාකාර වහළය මැනවින් සුරක්ෂිතව පවතී. බොහෝ දුරට ආරක්ෂා වූ එකම හින්දු දේවාලයයි. දේවාලයේ හතර කොන නන්දි ගවරූප දැකිය හැකිය. 10වන සියවස මුල් භාගයේ ඉන්දියානු වාස්තු විද්යා ලක්ෂණ රැගත් විශිෂ්ටතම නිර්මාණ වලින් එකකි.
රන්කොත් වෙහෙර
රනින් කළ කොතක් සහිත දාගැබ රන්කොත් වෙහෙරයි. නිශ්ශංක මල්ල රජු මෙහි වැඩ නිම කළ බව සමීපයේ පිහිටවු ගල් ආසන සෙල්ලිපියේ සදහන් වේ. ශිලා ලේඛන අනුව ස්තූපයේ නාමය රුවන්වැලි දාගැබයි. දැගැබේ නියම උස අඩි 200 ක් පමණ වෙයි. වටා පරිමිතිය අඩි 550 පමණ වෙයි. සතරැස් කොටුව සූර්යය සංකේතවත් කරවන චක්රඩ වලින් අලංකාර කොට ඇත.සිව් දෙසින් වාහල්කඩ හා මලසුන් ගෙවල් වලින් යුක්තය. මළුවට පිවිසීම සදහා සතර දිසාවෙන්ම ඉදිකළ අලංකාර,දොරටු ඇත.මළුව,සලපතල මළුව,වැලි මළුව හා පහත මළුව වශයෙන් සකස් කොට ඇත.
පැරණි රෝහල
මහා පැරකුම්බා රජතුමා භික්ෂූන් වහන්සේලාගේ ප්ර,යෝජනය සදහා ඉදිකළ ආරෝග්යාලශාලාවයි.ගොඩනැගිල්ල කොටස් දෙකකින් යුක්තය.මැද මිදුල් දෙකකි.කාමර 15ක් පමණ පවතී.බාහිර හා නේවාසිකව ප්රලතිකාර ලද හැකි විය.සමීපයේ ඔසු උයන් වවා තිබිණි.රෝහල් බිම කැණීම් වලදී සොයාගත් කතුරු,පිහිය,අඩු,ශල්යද උපකරණ,බර කිරණ තරාදි,ඇඹරුම් ගල්,තෙල් බුජං,බෙහෙත් ඔරුවක් ආදිය හමුවිය.ඇතැම් උපකරණ නූතන උපකරණ මෙන් සියුම්ය.මේ අනුව එකල වෛද්යි විද්යා,වේ දියුණුව පිළිබද අවබෝධයක් ලද හැකිය.බෙහෙත් ඔරුවද අද්විතීය නිර්මාණයකි.
ලංකා තිලක විහාරය
මහ පැරකුම්බා රජතුමා ඉදිකරවන ලද සුවිසල් වුත් අතිශය අලංකාර වුත් පිළිම ගෙයයි.වංශ කථාවට අනුව එය මහල් 5කින් යුක්තය.එය සම්පුර්ණයෙන්ම ගඩොලින් කළ ගෙඩිගේ ක්රගමයේ විහාරයකි.එහි ඉතා ප්රහතාපවත් බව ඔප් නැගුණේ දෙපස පිහිටි කුළුණු දෙක හෙයිනි.ගොඩනැගිල්ලේ අඩි 124කි.පළල අඩි 66 ක් වෙයි.ශේෂව ඇති බිත්තියේ උසම තැන අඩි 55 ක් වෙයි.පිළමයේ උස අඩි 41පමණය.අභ්යින්තරයේ ගල් කණු මත ඉදිකළ මණ්ඩපයක් වු බව පෙනෙයි.එහි ළගාවීම සදහා ඉදිකල පටු පඩි පෙළක අවශේෂ ඇකිය හැකිය.පිළමය පිටුපස සක්මන් මළුවකි.ඇතුළත බිත්ති වල බිතුසිතුවම් වලින් අලංකාර කොට තිබුණි.පිටත බිත්ති දේව රූප හා විමාන වලින් සරසා තිබුණි.පියගැට පෙළෙහි නාගිනී රූප සහිත මුරගලක් වෙයි.
කිරි වෙහෙර
ගල් විහාරය
ලොකු සමාධි පිළිමය
උන්වහන්සේ පද්මාසනය මත වැඩ සිටි. ආසනයේ පහළ සිංහ හා වජ්රේ සංකේත දක්වා ඇත.පිළිමයේ උස අඩි 16කි.පිටුපසින් තොරණක් මතු කොට දක්වා ඇත්තේ උන්වහන්සේගේ වන්දනීයත්වය මෙන්ම පූජනීයත්වය වර්ධනය කොට දැක්වීමටයි.තොරණ දෙපස තනා ඇති කුඩා විමාන තුළ බුදුරූ හතරකි. ඒ අතර නෙළුම් මල් 10කි.තොරණේ හරස් බාල්ක අග කටායන ගත් මකර මුවින් ගිලිහෙන සිංහ රුව දැක්වෙන සුවිශේෂ කැටයමක් වේ.
කුඩා සමාධි පිළිමය(විජ්ජාදර ගුහාව)
කුඩා සමාධි බුදු රුව මතුකර ඇත්තේ උස අඩි 13ක් හා පළල අඩි 26වූ ලෙනක් තුළය.එම ලෙන බොහෝ දෙනෙකු හදුන්වන්නේ විජ්ජාදර ගුහා යනුවෙනි.උන්වහන්සේ පද්මාසනයක් මත සමාධි සුවයෙන් වැඩ හිදි ආසනයේ පළල සිංහ හා වජ්රජ සංකේත දක්වා ඇත.පිළිමයේ උස අඩි 4යි අගල් 7ක් වේ.බුදු රුව ආවරණය වන පරිදි ඡත්රසයක් යොදා ඇත.උන්වහන්සේ දේවතාවන් පිරිවරාගෙන් සිටිති .ඒ අතර බ්රිහ්ම හා විශ්ණු දේව රූප හදුනා ගෙන ඇත.පිළිමය රන් ආලේපිත එකක් විය.වියන බිතිසිතුවමින් අලංකාර කොට තිබිණ.ලෙන දකුණු පස බිතුසිතුවමක අවශේෂ දැකිය හැකිය.
ගල් විහාර කතිකාවත
හිටි පිළිමය
දේශ ශිල්පීන්ගේ අග්රකගණය නිර්මාණයක් වූ හිටි පිළිමය උසින් අඩි 23කි. මේ පිළිමයෙන් නිරූපිත වන්කේ බුද්ධ පරිනිර්වණය නිසා ශෝකයට පත් අනද හිමියන් බවට මතයක් විද්වතුන් අතර විය.එහෙත් එය බුද පිළිමයක් බව නිසැකව තහවුරු වුයේ හිසකෙස් කුණ්ඩලා කාරව පිහිටීම පද්මාසනයක් මත වැඩ සිටීම දිගු කන් දෑත් පිහිට වු ආකාරය ආදී ලක්ෂණ හෙයිනි.සුවිශේෂ මුද්රමවකින් දෑත් පිහිටුවා ඇත.පරණ විතාරන මහතා පවසනුයේ පරදුක්ඛ දුක්ඛිත මුද්රෂවෙන් නිමකළ බුදු පිළිමයක් බවයි.
පරිනිර්වාණ පිළිමය
මෙම පිළිමය පරිනිර්වාණ පිළිමයක් ද නැතහොත් සැතපෙන පිළිමයක්ද යන්න පිළිබදව මතවාද පවතී.බොහෝ දෙනෙකු පවසනුයේ පරිනිර්වාණ පිළිමයක් බවයි.පිළිමයේ දිග අඩි 46කි දකුණු අල්ල මත හිස තබා ඇත. ශරීර බරට කොට්ටය හා මෙට්ටය එරී ඇති සේ නිර්මාණය කොට ඇති අයුරු විශ්මය ජනකය.දෙකන් සිරස දෙසට පහත් වීඇත. සිවුර සකස් කොට පොරවා ඇති අයුරු පෙනේ.සිරිපතුල් වල නෙළුම් මල් වල සංකේත දක්වා ඇත.ගල්විහාරයේ සෑම පිළිමයක් සදහාම පිළිම ගෙවල් විය.