AHASWIYANA

ALL OF THE PEOPLE CAN USE AND IMPROVE THEIR ARE KNOWELAGE

Thursday, February 18, 2010

එදා - මෙදා



බෙදා ගන්නට නොදී ෙම් රට බුදුරදුන් පෙර වැඩිය
එදා ඉතිහාසයේ ඉන්දීය සාගරේ මුතු අැටය
සදා දරණීය මව් රට ම බෙදා අවුලුවා කළ හදිය
මෙදා රටවැසියන් කාගෙ දෝ එළිබහින බඩවැටිය


ශපථ කර එඩිතර ව විරුද්ධ ව එ්කාධිපත්‍යයට
නැවත අප නොගියහොත් නොනැවතී ඉදිරියට
නියතම ය අැදන් ගොස් යළි වහල් යුගයකට
ෙද්වි අප අමු අමුවෙ මරා මරා මස් කන්ට
කෙළ පෙරා ගෙන සිටින එ් නග්න වෘකයනට

මිතුරු ලෙස අප සොයා මෙහි පැමිණ නන් වෙසින් සැරිසරන
උතුරුවා සිනා පෙණ පිඩු උතුරු සහ දකුණු දෙස සංහිෙද් නැති කරන
අතුරු අන්තරා දස දහස් විද දරා ඉපිද ඉපදී යළි මැරෙන
උතුරු සහ දකුණු දිග වැසියනේ අැයි තවම මෙය නොදැන

Saturday, February 13, 2010

ඔබ නිසා

සොදුරු දසුනෙන් මහරූ අැසුෙරන් අෑත් වී ගිය හදවතේ
අදුරු සිතුවම් අැදී බොද වී ෙව්දනා ඉරි මතුවෙතේ
පිදුරු හතුමල අත්ල මත්තෙහි සැලෙන ෙස් වෙවුලුම් ගතේ
නුදුරු මැදියම් රැයක වැළපුණි පෙර නුවු ලෙස ජීවිතේ


බැදුම ෙද හදක මිහිරියාවකි පියුම් මකරන්දේ
පිදුම සෙනෙහස සදා අරුතකි නුවන් යුග රුන්දේ
රිදුම අත් වුව විරහ සෝකෙන් විසල් පවුරකි බැන්දේ
යෙදුම නිරතුරු පෙරා දෙන්නයි අමා රස ජීවන සුගන්දේ

සිතෙන හැම සිතුමක් ම දෙහදේ එක් වරම බිහි වෙනා අයුරු
පතන හැම පැතුමක් ම මුවගින් එක් වර ම පිට වෙනා අයුරු
හෙළන සුසුමක කියන වදනක සැගව ගත් සර අරුත් ගැඔුරු
දිවි ගමන සුන්දර කරන්නට කාසියක නැති බලය මහරෑ

පෙර මග

ගල් පරවල රළ හැපි හැපි
සුදු පෙණ පිඩු නැගෙනවා
සිතිජ ඉෙම් සැදෑවළා
බොද සිතුවම් අදිනවා
අෑත රටින් එන නෞකා
දෑසට වද කරනවා
මූදු ගියපු මගෙ රන් කද
එන පෙර මග බලනවා

ළිහිණි රංචු අහස පුරා
සැදෑ සරඹ පානවා
චණ්ඩ මාරුතේ හැපෙනා
ඔරු කද හද මැවෙනවා
අන්ධකාර මග සරසා
කලු තිර පට එලනවා
මහිමි තවම මසුන් සමග
රණ්ඩු දබර කරනවා
සුසුමට සිර කරගත් ලැම
රැය හා ඉකි බිදිනවා
සෙනෙහස් සිතිවිලි මඩිමින්
දළ රළ පෙළ හැපෙනවා
බලාපොරොත්තුව අබියස
කාලය කුර ගානවා
තෙර නොපෙනෙන මහ සමුදුර
ජීවිත දැල ගිලිනවා

Friday, February 5, 2010

ලෝක ධර්මතා




අහසට පෙම් බැද - අහස යටම සිට
මිය යන මුලු ලොව - මිනිසුන්නේ

මනුලොව පවතින - කුරිරු ක්‍රියා දැක
නිහඩව සිටිනා - ගොලුවන්නේ

මිහිමත සිටගෙන - මවනා බොරු තුළ
ප්‍රතිඵල ඇත මා - මිතුරන්නෝ


ඒයින් මිදීමට - කටයුතු කරනා
පුද්ගලයා ලොව - වැජඹෙන්නේ

Tuesday, January 19, 2010

දෙමාපිය ගුණ


මනුලොව පවතින උපරිම සෙනෙහස
මින් පෙර දැක නැත ෙම් ෙලා් තලයේ
ඒ් දුටු සෙනෙහස මා හද රැව්දෙයි
මව්තුමනී ඔබෙ ගුණ මහිමේ


ඔවදන් දී යහ මග පෙන්වාදුන්
ඒ් මග පැහැදිලි ෙලසට කියාදුන්
ඒ දුටු මග මා හද රැව්දෙයි
පියතුමනී ඔබෙ ගුණ මහිමේ


මෙලෙස සමාජයේ අරැත කියාදුන්
ඒ දිදුලන ලොව අැත මා හද තුල
ලොවක් දිනන්නට මග පාදන ලෙස
සැමදා වදිනෙමි ගුණ මහිමේ

Saturday, January 9, 2010

කෙතක රුව


හමන මදනල කෙතක් තුළ සිට
අතවනනු සේ මට පෙනේ වී
ඒ තුළම හිද
ඔ‍බේ රූපය
මවන රිසියෙන් මම සිටීවී


කුරුලු නාදය පදවැලක් සේ
මවයි මා තුළ ගීතයක්
ඒ තුළම හිද
ඔ‍බේ රූපය
මවන රිසියෙන් මම සිටීවී

සියලු දේ තුළ මම රැදී සිට
මව‍යි ඔබ ගැන සිතුවමක්

ඒ සිතුවමින් මගේ හද තුළ
ඇතිවේය තුටු පිරි
ආලයක්

Thursday, January 7, 2010

පුන් සද


සද දිය ඇබිත්තක්
කවුලු පියනෙන් හොරෙන් රිංගා
මවයි විසිතුරු රූපයක්
කටු මැටි බිත්තියේ කොනක
පිනි දිය පෙති නැහැවුණ
ලපටි අතු රිකිල්ලක සැගවුණ
රැ කිරිල්ලකගේ මිහිරි ස්වරයෙන්
මවයි ගීතය හට තනුවක්...................









නිල් අඹර ඔබයි !

වළාකුළු පවා හැර දැමු
නිල්ම නිල් අහස් කුස

තමන් සන්තක කර ගන්න කියා
තටු සිදුනු කුරුල්ලෙක් සැලුවාළු

කදුළු කියමින්
අහසට අයිතිය වෙයි !